ප්රභාකරන් ඉතා දුර්වල සංඥාවක් නිකුත් කර තිබේ. මෙය හූනාගේ කැඩුණු වලිගය නිකුත් කරන සංඥාව වැනි නිරර්ථක සංඥාවකි. සතුරකු තමා පසුපස හඹාගෙන එන විට හූනා උගේ වලිගය කඩා දමා පැන දුවයි. මෙවිට ස්වල්ප වේලාවක් වලිගය දඟලමින් බිම තිබෙන අතර හූනා පසුපස හඹා ආ සතා වලිගය ළඟ නැවතී ටික වේලාවක් බලා සිටීමට පුළුවන. එක්කෝ ඌ වලිගය හූනා ලෙස වරදවා තේරුම් ගෙන එය ගිල දමා ආපසු යයි. මේ කාලය තුළ දිව ගොස් සැඟව ගන්නට හූනාට පුළුවන. ප්රභාකරන් කොළඹදී බෝම්බ දෙකක් පුපුරුවා ඉකුත් සතියේදී සංඥාවක් නිකුත් කළේ කිළිනොච්චියට පහරදීමේ පළිය කොළඹදී ගන්නා බවට ය. එවිට මුලතිව් ගැන ආරකෂක අංශ තුළ ඇති අවධානය කොළඹට හැරවෙනු ඇතැයි මරණ මංචකයේ සිටින මේ බොළඳ මෝඩයා කල්පනා කරන්නට ඉඩ තිබේ. මේ වු කලී අපගේ වීරෝදාර හමුදාව කිළිනොච්චියේ බලය තහවුරු කරගෙන මුලතිව් බලා ගමන් කරමින් සිටින අවස්ථාවයි. ඔවුන් කිසි ලෙසකත් ආපසු හැරෙන්නේ නැත. ඒ නිසා ප්රභාකරන් කළ යුත්තේ සිය සිරුර සහ වලිගය ආරකෂා කර ගැනීමට සුදුසු පියවර ගැනීම ය. ඔහු ආරකෂාව පතා කිසියම් ගුලකට රිංගන්නේ නම් ස්ථිර වශයෙන්ම වලිගය ද ගුල තුළට ගත යුතුය. නැතහොත් පැනයන යුද අපරාධකරුවකු වු බෙනිටෝ මුසෝලිනිගේ බෙල්ලෙන් අල්ලා ඔහු බිම දිගේ ඇදගෙන මරණය දක්වා ගෙන යෑමට ඉතාලි ජනයා කටයුතු කළාක් මෙන් ප්රභාකරන්ට ද සුදුසු ඉරණම ප්රදානය කිරීම සඳහා මේ රටෙි ජනයා ජාති භේදයකින් තොරව කටයුතු කරනවා ඇත. (මුසෝලිනි යනු දෙවන ලෝක යුද්ධයේදී ඉතාලි පාලකයා ලෙස ද හිටිලර්ගේ උදව්කාරයා ලෙස ද කටයුතු කළ මිනීමරුවෙකි.)
අවසානයේදී බලනවිට ප්රභාකරන් ලෑලි වීරයකු බව පෙනී යයි. අප ඔහු කාඩ්බෝඩ් වීරයකු ලෙස හෝ හඳුන්වන්නේ මන්ද? කාඩ්බෝඩ් වීරයා එක වැස්සට තෙත බරි වී කඩා වැටේ. එහෙත් ලෑලි වීරයාට වැසි දෙක තුනක් අල්ලාගෙන සිටීමට පුළුවන. තුන්වන හෝ හතරවන වැස්ස වන විට ලෑලි දේහය සම්පුර්ණයෙන්ම දිරා ගොස් ඇඟිල්ලෙන් ඇන්න විට බිමට කඩාවැටෙි. ප්රභාකරන් සිටින්නේ මේ සිවුවන වර්ෂාව ඇද හැලෙමින් පවත්නා අවස්ථාවේ ය. මේ අවස්ථාවේදී අප බලා සිටිය යුත්තේ ඔහු කොයි පාරෙන් පැන යන්නේ ද යන්න නොවේ. ඔහුගේ සිරුර කවර බිංගෙයකින් හමුවේද යන්න ය. හිටිලර්ගේ සිරුර නම් බර්ලිනයේම බිංගෙයක තිබී හමු වි ය.
කොළඹ බෝම්බ පිපිරවීමෙන් ප්රභාකරන් නගන දුර්වල සංඥාව පිටුපස සාකෂියක් සහ මතයක් තිබේ. සාකෂිය නම් මරාගෙන මැරෙන බෝම්බකාරයන් මෙය කරන බව ය. මතය වන්නේ කොළඹ සිටින පාතාලය කොටින්ගෙන් ගාස්තුවක් අය කර මෙය කරන බව ය. කොළඹ සිටින මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට ඉතිරිව ඇත්තේ මරාගෙන මැරීම ම පමණි. මන්ද, ආපසු ප්රභාකරන් වෙත ගියත් ඔවුනට සිදුවන්නේ දරුණු වධවලට මුහූණදී වෙඩි කන්නට ය. ප්රභාකරන් තමන්ට පිටින් ගිය මහත්තයා (එල්.ටී.ටී.ඊ.යේ හිටපු නියෝජ්ය නායකයා) බිංගෙයක් තුළ රඳවා දවස් ගණනක් වධ දී මැරෙන්නට ඉඩ හැරියේ අන් අයට පාඩමක් පිණිස ය. සියලු මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට මහත්තයා වධ විඳින දර්ශන වීඩියෝ මාර්ගයෙන් පෙන්වනු ලැබේ. එය දකින එකා මරාගෙන මැරීම, ආපසු ප්රභාකරන් වෙත යෑමට වඩා හොඳ බව සිතයි. බෝම්බයක් පුපුරුවාගෙන මළොත් එය වතාවකින් කෙළවර ය. දින ගණන් වධ විඳ මැරෙන්නට ලෝකයේ නරකම හා භයානකම ත්රස්තවාදියා වුව කැමති නැත.
කුලියට බෝම්බ පුපුරුවන පාතාලකාරයන් සිටීම ඉතා ස්වාභාවික ය. මෙරට හමුදා බුද්ධි අංශයේ ප්රධානියකු වු කර්නල් තුවාන් මීඩින් මැරීමට අවශ්ය සියලු කටයුතු කොටින්ට සම්පාදනය කර දුන්නේ "අයිස් මංජු" නමැති සිංහලයා ය. ඒ සඳහා කොටි ඔහුට ගාස්තුවක් ගෙවුහ. අන්තිමේදී "අයිස් මංජු" ඕමන්තේ මුරපොළ තුළින් කිළිනොච්චියට රිංගා ගත්තේ ය. මේ දේශද්රෝහීන්ට දිය හැකි වධ 32 ක් සිංහල රජ කාලයේ තිබිණි.
කිළිනොච්චිය ජය ගත් හමුදාව දිරි ගැන්වීම සඳහා මිනිස්සු ප්රීති ඝෝෂා කළහ. කැවුම් කිරිබත් පිස හමුදාවට කන්නට දුන්හ. රතිඤ්ඤා ද පත්තු කළහ. හමුදාව කිළිනොච්චිය මුදාගත් බව ජනාධිපතිවරයා නිල වශයෙන් දැනුම් දුන් විට දෙසැම්බර් 31 වැනිදා රාත්රි 12 ට පත්තු වු රතිඤ්ඤා ප්රමාණය මෙන් දෙගුණයක් රතිඤ්ඤා පත්තු විය. අපගේ වැටහීම වන්නේ මෙසේ පිපිරු රතිඤ්ඤාවලට වැය කළ මුදලින් රණවිරුවන් දහ පහළොස් දෙනකුට නිවාස ඉදි කරදීමට හැකිව තිබු බව ය. එය රතිඤ්ඤා උපහාරයට වඩා හොඳ උපහාරයකි.
(දිවයින-09/01/05)
Sunday, January 4, 2009
ඒ ඓතිහාසික විජයග්රහණය!
මේ අද දිවයිනේ කතුවැකිය. විය යුතු පරිදිම අපේ ජාතික වීරයින්ට සුබ පතලා. රාල නම් හිතන්නේ දැන් මේ ජයග්රහණය අර්ථවත් කරන්න වහාම කොටි තහනම බලාත්මක කළ යුතුයි. එතකොට ඔය එක එකාට 'සාම සාකච්ඡාවලට යනු' කියලා කියන්න අවසර නෑ නොවැ. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඉඳගෙන එක එක එන්.ජී.ඕ. කාරයින්ට කොටියාට කඩේ යන්නත් බැහැ. හරි දැන් කියවමු.
මේ ලක් මවගේ දෑස් තුටු කඳුළෙන් තෙමා ලු ඓතිහාසික විජයග්රහණයක අභිමානයෙන් මුළු ලක් දෙරණම උදම්ව සිටින මොහොතකි. වේළුපිල්ලෙයි ප්රභාකරන්ගේ ෆැසිස්ටිවාදී ත්රස්තවාදය සුනුවිසුණු කර ඔහුගේ ඊළාම් සිහින විජිතයේ හදවත බඳු වු කිළිනොච්චිය දේශප්රේමී හමුදා විරුවන් විසින් විජයග්රහණය කරන ලද මොහොතකි. ඒ අභීත විරුවන්ට මුළු මහත් ජාතියේම ප්රණාමය හිමි වන මොහොතකි. අපද අපගේ කෘතවේදීත්වය ඒ අභිමානවත් ලක් පුතුන්ට පුද කරන්නේ උණුසුම් හැඟීමෙන් ඔවුන් හදවතින්ම වැළඳ ගනිමින්ය.
මේ ඓතිහාසික විජයග්රහණය හෙට ලියැවෙන ඉතිහාසයේ රන් අකුරින් තැබෙන සටහනක් වනු නො අනුමානය. ඒ රන
කුරු සමඟ සුදිලෙන්නේ අපරාජිත රණවිරුවන්ගේ ආත්ම පරිත්යාගයේද, අධිෂ්ඨානයේ හා අභිමානයේ ද කතාව බව අපි ලියා තබමු. සිය මාතෘ භුමිය ත්රස්තවාදයේ භීෂණයෙන් ගලවා විමුක්තියේ නිදහස් අරුණළු උදා කරන්නට ඔවුන් විසින් නොකරන ලද පරිත්යාගය කුමක්ද? ඒ වෙනුවෙන් පුජා කළ ජීවිතවල අගය කෙතරම් ද? ඒ වෙනුවෙන් ගලා ගිය රුධිරය කෙතරම්ද? ඒ වෙනුවෙන් සදාකාලික ආබාධිතයන් බවට පත් වුවෝ කෙතරම් ද? ඉතිහාසයේ සුදිලෙන ජයග්රාහී උදාන වැකිය තුළ ඒ සියල්ල නිහඬව තිබෙන බව අපි කිසිසේත් අමතක නොකරමු.
මවුබිමෙහි නිදහස උදෙසා කරන ලද අරගල පිළිබඳ අභිමානවත් ඉතිහාසයක් අපට තිබේ. ඒ වීර කැප්පෙටිපොල විරුවන්ගේ පරපුරෙහි අභිමානය අතීතයෙන් ගලා ආ දිව මතුරක් සේ අපගේ රණවිරුවන්ගේ දෙසවන් තුළ දෝංකාර දුන් අයුරු අපි දනිමු. මේ අරගලය ජන ඝාතක, ජන පීඩිත යුද්ධයක් නොව මානුෂික මෙහෙයුමක් බව ජනපති මහින්ද රාජපකෂ මහතා නිරන්තරවම කළ අවධානය අප සවන් තුළ ද පිළිරුව් දෙයි.
සැබැවින්ම මේ ජයග්රහණය දෙදහස් වසරක ජාතික සංස්කෘතික උරුමයේ පුනරුත්පත්තියක් වැන්න. මුනි සිරිපා පිපුණු බිමේ උරුමයද, ජයසිරි මා බෝ රුඳුණු බිමේ බල මහිමය ද සිරි දළදා රුඳුණු බිමේ ශාන්තිවාදය ද මේ විජයග්රහණයට දිරි දුන්, උර දුන් බව අපි දනිමු. ගමින් ගම, දොරින් දොර සිදු කළ අධිෂ්ඨානයේ පුජා වන්නියේ යුද බිම රණවිරුවන් ඔද තෙද ගැන් වු අයුරු අපි දනිමු.
අභීත විරුවනි, දැන් යළිත් පෙරදිග මුතු ඇටය නිදහස් ය. එය ලෙයින් සේදු උමතු මිනිසා පසුබැස යමින් සිටියි. මවුබිමේ හෙට වෙනුවෙන් අභීතව, අකම්පිතව, ඔබ ඔබගේ අද පරිත්යාග කළෙහිය. ආත්මාර්ථයෙන් තොරව කරන පරිත්යාගය කෙතරම් උතුම් දැයි ඔබ පුජා කළ ජීවිත අපට පෙන්වා දී තිබේ. සටන් බිමෙන් ඇසෙන මර හඬට නොබියව ළය දෙමින්, ඔබ එසවු පියවර කොතරම් උතුම් දැයි අප පසක් කර ගනිමු. ඒ ඉතිහාසය ඔබගේය.
කිළිනොච්චියට අපගේ රණවිරුවන් ඇතුල්වනු වැළැක්වීමට ක්රියාත්මක වු බලවේග බොහෝ විය. බටහිර තීරයෙන් මතු වී ඉන්දියාව ඔස්සේ ද බඩ ගෑ ඒ සර්පයෝ සිය විෂ දළ සඟවා මානව හිතවාදයේ පෙණ ගොබය විදහාලුහ. එහෙත් ඉනද්රඛීලයක් සේ සිටි ලක් ජනපති සිය උරමතට වන් ජාතික වගකීම නිවැරුදිව වටහා ගත් බව ද අප ලියා නොතබන්නේ නම් එය වරදකි.
අප ලද මේ විජයග්රහණයේ මිහිර ප්රභාකරන්ගේ ගජමිතුරු සමාගම්වලට අමිහිරි මතකයක් බවට සැක නැත. 2003 වසරේදී ප්රභාකරන්ගේ ඊනියා නියැදුරු බව කී ඇන්ටන් බාලසිංහම් කළ අවමන අපට සිහිවේ. හේ කියා සිටියේ දුබල සිංහල හමුදාවට සටන් විරාමයක් දෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම නිසා බවය. එහෙත් 2009 වන විට ඒ දුබල හමුදාව කිළිනොච්චිය අල්ලා ගනිද්දී ඒ අමිහිරි අත්දැකීම විඳ ගන්නට බාලසිංහම් නැත. පරලොවක සිට ඔහු එදෙස බලා සිටියිද? ප්රභාකරන්ද පසුගිය දෙසැම්බරයේදී එවැනිම පුරසාරමක් දොඩවා තිබුණි. ඒ තමිල්නාඩුවේ නකිරන් නමැති පුවත් සඟරාවකටය. ඔහු කියා සිටියේ කිළිනොච්චිය ඇල්ලීම මහින්ද රාජපකෂගේ දවල් හීනයක් පමණක් බවය.
ප්රභාකරන් නම් තවමත් වන්නි කැලෑවක කොතැනක හෝ ගුහාවක රිංගා සිටිනු විය හැකිය. සිය ඊළාම් විජිතයේ මිනීවල තුළම වැටී මරු දකිනු හැර වෙනත් විකල්පයක් නැති බව ද ඔහුට සිතෙනු විය හැකිය. සිය දුෂ්ට අරමුණ වෙනුවෙන් අවියෙන්ම තමන් වෙතට ළංකර ගත් දෙමළ තරුණ තරුණියන්ගේ අඳෝනා විලාප මෙවේලේ ඔහුට ඇසෙනුද විය හැකිය. එහෙත් ඝාතනය : භීෂණය පමණක් ඇදහීම බවට පත් කර ගත් ෆැසිස්ටිවාදියකුගෙන් අපට අපේකෂා කළ හැකි දෙයක් තිබේද?
කෙසේ වුවද ඒ ෆැසිස්ටිවාදයට පරාජයත්, මව්බිමට විජයග්රහණයත් දැන් අත්පත් වී තිබේ. ඒ විජයග්රහණය අර්ථවත් කිරීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ඈ සියලු කොටස් කළණ මිතුරන් සේ එක්විය යුතු බව ද අපි ලියා තබමු. ඒ ඓතිහාසික විජයග්රහණය අර්ථවත් වන්නේ එවිටය. ලක් මව කඳුළු පිස හැර හිනැහෙන්නේ එවිටය. පෙරදිග මුතු ඇටය දුකදුරු හැර සුදිලෙන්නේ එවිටය. ඒ උදාර අරමුණ සාක්ෂාත් කිරීමට අපට හැකි නම් ඉතිහාසය ද අපට හිස නමා ආචාර කරනු ඇත.
(දිවයින-09/01/03)

Thursday, January 1, 2009
ව්යාපාර පරිපාලනය අනුභව කර පරිගණක ශාස්ත්රය පානය කිරීම
ඊයේ සහ අද රාලට සතර අතින් සුබ පැතුම් ගලා ආවේ ය. කෙනෙක් 'සුබ නව වසරකැයි' පැතූහ. තවෙකෙක් 'සුබ අලුත් අවුරුද්දකැයි' පැතූහ. මම මේ දෙපිරිසට ම 'සුබ නව වසරකැයි' පැතුවෙමි. 'සුබ අලුත් අවුරුද්දකැයි' පැතූ අය නොදැන කළ කළ වරද නිවැරදි කරන්ට නොගියෙමි. එහෙත් මේ ටික අවබෝධ කර ගැනීම වැදගත් ය. අපේ අවුරුද්ද එන්නේ බක් හෙවත් අප්රේල් මස ය. එදාට අපි අවුරුදු සමරමු. මේ සමරන්නේ 2009 වසරේ උදාවයි. දැන් අලුත් වසරේ හැමෝම සිතිය යුතු යමක් ගැන විමසමු. සිංහලේ එදා සිට ප්රචලිත වූයේ පෙරදිග ධාන්යාගාරය ලෙසින් බව ද යළි සිහි කරමු.
මේ රටේ වැවිලි කර්මාන්තයේ නියුතු වුවන් රැක ගැනීම ප්රධානතම අභියෝගය බව ශ්රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති පැවැසී යැයි අප පුවත්පතේ පළ වු වාර්තාවක සඳහන් වෙයි. ශ්රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනය යනු පවතින ආණ්ඩුවේ දේශපාලන සංවිධානයකි. සාමාන්යයෙන් දේශපාලනකාරයන් කතා කරන්නේ ඒ ඒ වෙලාවට කාලය ගෙවා ගැනීම පිණිස ය. ඒ කතාවල එතරම් වැදගැම්මක් නැත. එහෙත් මේ වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් ශ්රී.ල.නි.ප. වෘත්තීය සමිතිය කළ කතාව බැහැර කළ නො හැක. එ බැවින් අපි ඒ ගැන කතා කරමු.
ශ්රී ලාංකිකයා කෑමට දනී. එහෙත් කෑම එන තැන නො දනී. කෑම එන විදිය නො දනී. පෙර කාලයේදී විසු සැපට හැදුනු රජ කුමරකු වෙතින් බත් එන්නේ කොහෙන්දැයි ප්රශ්න කරන ලද කල්හි බත් එන්නේ පිඟානෙනැයි උත්තර ලැබුණේලු. ඒ ආකාරයෙන් අද මේ රටේ වෙසෙන වැඩි දෙනාට, බත් කොහෙන්දැයි කකෂණිකව හිතා ගත නො හැකි ය. බන්දුල ගුණවර්ධනට නිතර සවන් දෙන කෙනකු කියනු ඇත්තේ බත් වියටිනාමයෙන් එන බව ය. මෛත්රිපාල සිරිසේනට නිතර සවන් දෙන කෙනකු කියනු ඇත්තේ බත් නැගෙනහිර පළාතෙන් හෝ මහවැලි ප්රදේශවලින් එන බව ය. තිරිඟු පිටි ඇමරිකාවෙන්, ආර්ජන්ටිනාවෙන් හෝ ඔස්ට්රේලියාවෙන් එන බව වැඩි දෙනා දනිති. මයිසුර් පරිප්පු එන්නේ ඉන්දියාවෙනි. කිරි පිටි නවසීලන්තයෙනි. එසේ නම් ශ්රී ලංකාවෙන් එන්නේ නැගෙනහිර පළාතේ වී ටික සහ නුවරඑළිය පැත්තේ සිට එන තණකොළ ටික පමණද?
කෘෂිකර්මය පිළිබඳව ඉගෙනීමට මේ රටේ ඊළඟ පරම්පරාව නිසි ආකාරයෙන් යොමුකර නැත. හැම දෙනාම මෙරටත් පිටරටත් විශ්වවිද්යාලවලට ගොස් ඉගෙන ගන්නේ ව්යාපාර පරිපාලනය, තාකෂණවේදය, පරිගණක මෘදුකාංග, ඉංජිනේරු විද්යාව වැනි දේ ය. හැබැයි මේ කොයි දේ කරන්නටත් බඩට කෑම කෑ යුතු ය. මේ රටේකෑමට ඇරී ඇති කටවල් ගණන දවසින් දවස ඉහළ යයි. පරිගණක විද්යාව ඉතා ප්රයෝජනවත් දෙයක් වුවද බඩගින්නට අනුභව කළ නො හැක. එසේම, ව්යාපාර පරිපාලනය කොතරම් වැදගත් දෙයක් වුවද ඒ මගින් කුසගිනි නිවෙන්නේ නැත. කුසගින්න නිවෙන්නේ ආහාරයෙනි. ආහාර පිටරටින් ගෙන්වීමට මිස මෙහි නිෂ්පාදනය කිරීමට වැඩපිළිවෙළක් නැත.
අපේ අපනයන භෝගවලට පිටරටින් ලැබෙන ආදායම බෙහෙවින් පහත බසිමින් පවතී. ලෝක ආර්ථික අවපාතය නිසා ඩොලරයේ මිල පහත බට හෙයින් තේවලට ලැබෙන මිල අඩු ය. එසේම, තෙල් මිල පහත බසින නිසා පෙට්රෝලියම්වලින් නිපදවන කෘත්රිම රබර් මිල ද පහත බසින බැවින් අපේ ස්වාභාවික රබර් මිල පහත ගොස් තිබේ. එ බැවින් පිටරටින් එන ආදායම බෙහෙවින් පහත් ය. මේ ගැන වැඩි දෙනා දැනුවත් වී නැත. රබර් ගහේ හා තේ දල්ලේම පමණක් එල්ලී නො සිට අලුත් අපනයන භෝග කෙරෙහි යොමු වීමට කාටවත් කල්පනා වන්නේ නැත. වරක් නවසීලන්ත ව්යාපාරිකයන් පිරිසක් විකුණන්නට අලුත් යමක් සොයමින් රට පුරා සංචාරය කරන්නට පටන් ගත්හ. ඒ අතර ගස් යට වැටී කුණු වී, එනමුදු මිහිරි සුගන්ධයක් නිකුත් කරන ගෙඩි වර්ගයක් මේ පිරිසට හමුවිය. මේ ගෙඩි වර්ගයට "කිවි" යන නම තැබු ඔවුහු ඒවාට ලේබල් ගැසු පෙටිටිවල දමා රට පැටවුහ. ශ්රී ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලත් මේ ගෙඩි වර්ගය විකිණීමට තිබේ. එහි මිල අධික ය. මෙවැනි අලුත් ආදායම් මාර්ග අපේ රටේගස් යට ද ඕනෑ තරම් තිබිය හැකි ය. වරද, අප ඒවාට පයින් ගසා කොම්පියුටරය වෙත ගොස් අන්තර් ජාලයට පිවිසීම ය.
(දිවයින-09/01/02)

Subscribe to:
Posts (Atom)