Sunday, September 13, 2020

මවුලවි නීතීඥයා සහ කොමිසම....

පාස්කු ප්රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ දී නීති විරෝධී විදිහට ඥානසාර හාමුදුරුවන්ගේ සාක්ෂිය වීඩියෝ කළ මවුලවිගේ නම පින්තූර ඔහු උලමා සභාව නියෝජනය කරන බව උලමා සභාවේ ඔහු දරන තනතුර රටටම කියන්න මාධ්ය පස්ස ගැහුවේ නෑ.

ඒක හොඳයි. එයාලා හුරතල් කරන්න ඕන නෑ. උලමා සභාව ඒ ගැන කනගාටුවට පත්වීම, එයලගේ මවුලවි ගැන ස්වාධීන විමර්ශනයක් කිරීම, මවුලවි ඒ විමර්ශනය අහවර වෙනකල් තාවකාලිකව... ඔව් ඔව් තාවකාලිකව උලමා සභාවෙන් ඉල්ලා අස්වීම, නිවේදන නිකුත් කිරීම ගලේ පැහැරූ බළලාගේ වැඩ බව ආයේ කියන්න දෙයක් නෑ. මෙයාලා වගේ අවස්ථාවාදී කපටි කල්ලියක් ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ..
හැබැයි ඒක නෙමෙයි ප්රශ්නේ.. මේ නීති විරෝධී ක්රියාවට අදාළ දුරකතනය කොමිසම ඇතුළට ගෙනත් දුන්න ගරු නීතීඥ මහත්කැන් ගැන කිසිම තොරතුරක් නෑ. මේ වැඩේ දී මවුලවි වගේ ම මේ නීතීඥ මහත්තැනුත් එක හා සමානව වගකියන්න ඕන. මේක මිනි මැරුමක් නම් තුවක්කුව දුන්නේ මේ ගරු නීතීඥ මහත්තැන්.
එතකොට අර මවුලවිගේ තොරතුරු හෙළිකළ ජනාධිපති කොමිසමේ අය මේ නීතීඥ මහත්තැන් ගැන තොරතුරු හෙළි නොකාළ් ඇයි? අඩු ම ගානේ ඒ වැදගත් මහත්තයාගේ නමවත් දැනගන්න රටේ ජනතාවට අයිතියක් නැද්ද? ඒක තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලලා ගන්න ඕන දෙයක්ද?
මේ සිද්ධිය මාධ්යයට කියලා මවුලවි ගැන තොරතුරුත් කියලා ගරු නීතීඥ මහත්තැන් ගැන ජනාධිපති කොමිසමේ අය සහ මාධ්ය නිහඬ ඇයි? ඒයා ගැන හෙළි නොකරන්නේ එයා උගත් වැදගත් වෘත්තිකයෙක් නිසාද? මොන හේතුවක් මත කළත් මේක වැරදියි. ඔහු ගැන හොයලා රටටම හෙළිකරන එක අර පුවත හෙළිකළ මාධ්ය ආයතනවලත් වගකීමක්. එහෙම නැත්නම් කොමිසමට පැමිණි හැම නීතිඥයාම අපරාධකාරයෙක් විදිහට තමයි පිටට පේන්නේ.
©නාමල් උඩලමත්ත
2020.09.11

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !